අවුරුදු නැකැතට ජනපති පැළයක් සිටුවයි

Report
1Shares
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර වෙනුවෙන් පැළයක් සිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) පෙ.ව 11.17 ට උදා වූ සුබ නැකතින් සිදු කෙරුණි.
තුන් පොකුරු යෝගය යෙදී තිබූ අද පෙ.ව 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම යෝග්‍ය බවට මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතරට එක් කර තිබුණි.
මතු පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණයේ වැදගත්කම අන්කවරදාටත් වඩා තදින් දැනී ඇති අද දවසේ එම චාරිත්‍රය සමග එක්ව සිය පුරවැසි වගකීම ඉටුකරන ලෙස අලුත් අවුරුදු උදාව සමග ජනාධිපතිවරයා සමස්ත රටවාසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.