බීමත් රියදුරන් 170 දෙනෙක් අත්අඩංගුවට

Report
1Shares
දිවයිනම ආවරණය වන පරිදි පොලීසිය සිදු කළ වැටලීමකදී බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(14) උදෑසන 06.00 සිට අද(15) උදෑසන 06.00 දක්වා පැය 24ක කාලය තුළ එම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පොලීසිය සඳහන් කළේ උත්සව සමයේ අනතුරු අවම කර ගැනිමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය 11 වනදා ආරම්භ වූ බවත් එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බවත්ය.