කඹුරුපිටියේ ඇසිඩ් ප්‍රහාරයකින් කතුන් දෙදෙනෙක් ඇතුළු 09 දෙනෙක් තුවාල ලබා රෝහලට

Report
1Shares
කඹුරුපිටිය, ඕමාරහේන ප්‍රදේශයේදී පිරිසක් විසින් එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අකුරැස්ස සහ ආඳාපාන රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එසේම මෙහිදී එක් පාර්ශවයක් විසින් වෑන් රථයකට සහ නිවසකට ගිනි තබා ඇති අතර ගින්න ප්‍රදේශවාසීන් විසින් මැඩපවත්වා ඇත.
කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.