පාතාලේ නායක මාකඳුරේ මධූෂ්ට එරෙහිව අධි චෝදනා

Report
2Shares
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාලේ නායක මාකඳුරේ මධූෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි උසස් නිලධාරියෙකු පැවසීය.
මෙලෙස අධි චෝදනා ගොනු කෙරෙනුයේ මධූෂ්ට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්ෂි පදනම් කර ගනිමිනි.
නීතිපති දෙපාර්තමේන්තුව පවසා සිටියේ ඩුබායි සාදයට සහභාගී වී එරට ආරක්ෂක අංශ භාරයේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ පුද්ගලයින්ගෙන් ලද සාක්ෂිද මෙලෙස නඩු පවරා අධි චෝදනා ගොනු කිරීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගන්නා බවයි.
සාක්ෂි වලට අදාළ උදෘත ගොනු ඉදිරිපත් කළ වහාම මාකඳුරේ මධූෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා අවධාරණය කරන ලදි.