දකුණු අධිවේගයේ මෝටර් රථ 09ක් එකට ගැටේ

Report
1Shares
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවී ඇති රිය අනතුරකින් මෝටර් රථ 09කට දැඩි අලාභහානි සිදුව තිබේ.
ඊයේ(14) රාත්‍රී 8ට පමණ වැලිපැන්න හා කුරුදුගහහැතැම්ම අතර ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.
මාතර බලා ගමන් ගත් මෝටර් රථය හදිසියේ තිරිංග තද කිරීම නිසා පිටුපසින් පැමිණි සෙසු මෝටර් රථ පෙළ ද එකිනෙක ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.පොලීසිය පැවසූවේ අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවයි.