මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා පළමු බිල්ල ගනී

Report
8Shares

රටපුරා හදිසි නීතිය පැනවීමට තුඩු දුන් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා එක් පුද්ගලයකු මරුමුවට පත්වී තිබේ.

නාත්තන්ඩියේ පදිංචි වඩු කාර්මිකයකු වන 45 හැවිරිදි ෆවුසුල් අමීර් මරා දමා ඇති බව පොලිසිය විසින් තහවුරු කරන ලදී.

කලහකාරීන් විසින් කපා කොටා බරපතල ලෙස තුවාල ලද ඔහු මරුමුවට පත්ව ඇත්තේ මාරවිල රෝහලට ගෙන ඒමෙන් අනතුරුවය.

හදිසි නීතිය පැනවීමෙන් පසුත් ප්‍රචණ්ඩ කල්ලි ප්‍රහාර වල නිරත වූ බව මුස්ලිම් නායකයෝ ආරක්ෂක බලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී චෝදනා කර තිබේ.