චීනය සහ ශ්‍රී ලංකාව අතර සුවිශේෂ ගිවිසුම් 3ක් සඳහා ජනපති අත්සන් තැබීමට නියමිතයි

Report
1Shares

චීන රජය හා ශ්‍රී ලංකාව අතර ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 3ක් සඳහා එරට නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(14) දින අත්සන් තැබීමට නියමිතය.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මඟින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත්, සුවිශේෂ ගිවිසුම් තුනකට මෙහිදී අත්සන් තැබීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවති නිල හමුවේ දී 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මීට අමතරව ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් පරිදි ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර තිබේ.

චීනයේ බීජිං නගරයේ දී හෙට(15) පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපතිවරයා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිලි කරනු ඇත.