දිවයින පුරා අද රාත්‍රී 9 සිට පොලිස් ඇඳිරි නීතිය

Report
1Shares

දිවයින පුරා අද(14) රාත්‍රී 9 සිට හෙට(15) අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ බව ප්‍රකාශ කළේය.

එසේම ගම්පහ පොලිස් කොට්ඨාශයට අද(14) රාත්‍රී 7 සිට හෙට(15) දින පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.