බුද්ධිමත් පුරවැසියන් ලෙස ආරක්ෂක අංශවලට සහාය දක්වනවා මිස නීතිය අතට ගෙන කටයුතු කිරීම සුදුසු නෑ

Report
1Shares

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී දින 20කට වඩා ගතවූ අවස්ථාවේදී බුද්ධිමත් පුරවැසියන් ලෙස ආරක්ෂක අංශවලට සහාය දක්වනවා මිස නීතිය අතට ගෙන කටයුතු කිරීම සුදුසු නොවන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

අද(14) දින බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරු මේ බව පැවසූවේය.

එසේම වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල වෙළඳසැල් ආදියට පහරදීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් පවසන ලදි.