යුද්ධයෙන් දසවැනි වසරේ වර්ග සංහාර අනුස්මරණ සතිය ඇරඹේ | VIDEO

Report
3Shares

දශකයකට ඉහතදී ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මරා දමනු ලැබූ දසදහස් සංඛ්‍යාත දෙමළ ජනතාව අනුස්මරණය කිරීමේ සතියක් උතුරෙන් ආරම්භ කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම්ගේ මූලිකත්වයෙන් “වර්ග සංහාර සතියේ” ආරම්භය මැයි 12 දා සනිටුහන් කරන ලද්දේ නිරායුද හැත්තෑ දහසක්වත් යුද ප්‍රහාරයෙන් ඝාතනය කරන ලද බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති මුල්ලිවයික්කාල් වෙරල තීරයේ දීය.

අතුරුදහන් වූවන්ගේ ඉරණම හෙළි කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සහ යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම ඇතුළු යුද පීඩිත දෙමළ ජනතාවගේ තවමත් නොවිසඳුනු ඉල්ලීම් වෙනුවෙන් උතුරු නැගෙනහිර ස්ථාන 21 ක අනුස්මරණ පවත්වන බව හිටපු මන්ත්‍රී ශිවාජිලිංගම් මාධ්‍යවේදීන් හා පැවසීය.