වයඹ පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද යළි අරඹයි

Report
1Shares

වයඹ පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද(15) දින යළි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පැවසීය.

සියලු රාජ්‍ය ආයතනවල කටයුතුද සුපුරුදු පරිදි අද(15) සිට යළි ආරම්භ වන බවත් ඔහු පවසන ලදි.

එසේම වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙසද ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඉල්ලීමක් කරයි.