වයඹ පළාත තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන්ට අදාළව සැකකරුවන් 60ක් අත්අඩංගුවට

Report
1Shares

වයඹ පළාත තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන්ට හා ඇඳිරි නීතිය කඩකිරීම්වලට අදාළව සැකකරුවන් 60ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියේ මින් ඉදිරියට ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදු කළහොත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව බලය භාවිත කරමින් ඒවා නතර කිරීමට කටයුතු කරන බවයි.