පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු වීම්

Report
1Shares

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු වීම් සිදු කළ බවයි.

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත්, නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එච්.සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරියා ලෙසත්,ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.ආර් ප්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාසය වෙතත් ඒ අනුව මාරු කර යවා ඇත.