කැකිරාවේ රිය අනතුරකින් තිදෙනෙක් මිය යයි

Report
1Shares

කැකිරාව-මඩාටුගම ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇත.

ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මිය ගොස් ඇත්තේ වෑන් රථයේ පැමිණි පිරිස බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවද වාර්තා වෙයි.

මෙම පිරිස මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

තුවාලකරුවන් දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.