සහරාන් පැන ගිහිං: හමුදාපති | VIDEO

Report
4Shares

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොලකරු ලෙස ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් නම් කොට තිබෙන සහ්රාන් හෂීම් මරාගෙන මැරුනු බව රහස් පොලිසිය ඇතුළු ආණ්ඩුවේ බලධාරීන් පැවසුවත් ඔහු තවමත් ජීවතුන් අතර ඉන්නා බව යුද හමුදාවේ ප්‍රධානියා පවසයි.

දෙසිය පනහකට අධික පිරිසක් මරුමුවට පත්වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් එකක් සිදුකෙරුනු ෂැන්ග්‍රිලා තාරකා හෝටලයේදී ජාතික තව්හීඩ් ජමාත් (NTJ) ඉස්ලාමීය සංවිධානයේ නායක සහරාන් හෂීම් මවුලවි මියගිය බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුනි.

කොළඹදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ එය ප්‍රතික්ෂේප කළ යුද හමුදාපතිවරයා පැවසූ පරිදි NTJ නායකයා ඉන්දියාවට පළා ගොසිනි.

“ඉන්දියාවේ ගියපු තැනක් ගත්තොත් මං කියලා තියෙනවා බැංගලෝර් කියලා. මං කියලා තියෙනවා කාශ්මීර් කියලා. මම දකුණු ඉන්දියාවේ කොටසක් කේරලය කියලා කියලා තියෙනවා,” යි ගගන හා IBC මාධ්‍යවේදී ශ්‍රියාන් සුජිත් කළ විමසීමකට පිළිතුරු දෙමින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේය.