ජනපති පොදු සමාව ලැබීමට නිර්දේශිත සිරකරුවන්ගේ ලැයිස්තුවේ ඥාණසාර හිමියන්ගේ නම නොමැති බවට තොරතුරක්

Report
3Shares

මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නිර්දේශිත සිරකරුවන්ගේ ලැයිස්තුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු සමාව ලබාදීමට අත්සන් කර ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඩුවම් විදින සිරකරුවන්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ සුළු වැරදි සඳහා දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් සඳහා පමණක් බවයි.

එම ලේඛණයට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නම නොමැති බවද එම ආරංචි මාර්ග පවසන ලදි.