අයි.එස්.ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයා මාස 3ක් රැඳවුම් භාරයට

Report
1Shares

අයි.එස්.ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයා මාස 3ක කාල සීමාවක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසීය.

හදිසි නීති රෙගුලාසි යටතේ ජමාල්ඩීන් නෞෂාඩ් නැමැති මෙම සැකකරු රඳවා තබාගෙන ඉදිරි පරීක්ෂණ සිදුකරන බව වාර්තා වෙයි.

කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම සැකකරු ඊයේ(19) දින රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.