රතන සාදු ගෙන එන්නේ ISIS හා සමාන විනාශකාරී මතයක්: බාහු | VIDEO

Report
41Shares

මුස්ලිම් නායකයන්ට විරුද්ධව උද්ඝෝෂණයේ යෙදෙමින් අතුරලියේ රතන හිමියන් ISIS සංවිධානය හා සමානම විනාශකාරී මාර්ගයකට බෞද්ධ ජනතාව ඇද දමන්නට හදන බවට බුදුදහම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකොට ඇති මාක්ස්වාදී නායකයකු අනතුරු අඟවයි.

“බුදුන්ගේ සිවුර දාගෙන අබෞද්ධ දර්ශනයක්” දේශනා කරන බවට රතන පාර්ලිමේන්තු මන්ත්‍රී හිමියන්ට දොස් පවරන නව සමසමාජ නායකයා එම අදහස් විසි වරකට පමණ ඉහතදී විශ්ව විද්‍යාල කතිකාවතකදී පරාජය කරන ලද්දක් බව පවසයි.

“බුදු දහම පාතාල ලෝකෙකට ඇදලා දාලා සම්පුර්ණයෙන්ම නිඝන්ඨ දර්ශනයක්,” යයි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඊට විරුද්ධව නැගී සිටින ලෙස බෞද්ධ ජනතාවට ආයාචනයක් කළේය.

අතුරලියේ රතන හිමියන් ශක්තිමත්ව නැගී සිටින්නේ ජනාධිපතිවරයාගේ පිටුබලයත් ඔහුට ලැබෙන නිසා යයි නසසප ප්‍රධාන ලේකම් චෝදනා කළේය.