රතන හිමියන් තුන්වන දිනටත් උපවාසයේ

Report
3Shares

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

පෙරේදා(31) දින පෙරවරු 10.15ට පමණ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කරන ලදි.

එසේම මේ වන විට එම උපවාසය සඳහා පාර්ශව රැසක් සහය පළ කර තිබේ.