අද ප්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නෙමේ

Report
1Shares

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් කොටස් වෙනස් කළ යුතු වීමේ අවශ්‍යතාවය පැවතියද එම කර්තව්‍ය බලාපොරොත්තු විය හැක්කේ ජනතාවගේ විශ්වාසය දිනා ගත් අලුත් ආණ්ඩුවකින් පමණක් බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ අද(11) දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුවට කිසිසේත් අයිතියක් නොමැති බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඔහු මෙහිදී විමසා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ වගකීම භාරකාර ආණ්ඩුවකට පැවරීම සිදු කරනුයේ කෙසේද යන්නයි.

එසේම අද ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොවන බවත් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේය.

වීඩියෝව පහතින්..