පාස්කු ප්‍රහාරයෙන් පසු නැග එන අන්තවාදයට එරෙහිව මංගල පාරට බසී | VIDEO

Report
2Shares

අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුල අන්තවාදය හිස ඔසවන බවට අනතුරු අඟවන මුදල් ඇමැතිවරයා ඊට එරෙහිව මහජන විරෝධතාවක් දියත් කර තිබේ.

සිය ගම් පියස වන මාතරින් ආරම්භ කළ විරෝධතාව හඳුන්වා දී ඇත්තේ “අවෛරයේ හෝරාව” නමිනි.

“මාතර ජනතාවගෙන් 95%ක් සිංහල බෞද්ධයන්. ඔවුන් බුදුන්ගේ ධර්මය අනුව සියලු ජාතීන්ට මෛත්‍රිය පතුරවමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන අද අපි මාතරින් ආරම්භ කරල තියෙනවා,” යි මාතර බස් නැවතුම්පොළ අබියසට රැස්ව සිටි විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරන ජනතාව අමතා මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සියලු ජාතිවාදීන්ට එරෙහි “අවෛරයේ හෝරාව” මාතරට පමණක් සීමා නොවී දිවයින පුරා සාර්ථක වනු දැකීම සිය අපේක්ෂාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.