හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Report
1Shares

ජා ඇල කළු පාලම අසලදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ වලාන දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 550ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.