ලංගම සේවකයින් වැඩවර්ජනයක

Report
1Shares

ජාතික සේවක සංගමයේ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

ඊයේ (11) දින මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් ගාල්ල, මහරගම, කලවාන ප්‍රදේශවල ලංගම ඩිපෝවල කටයුතු අඩාල වී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ මහතා පවසා සිටියේය.

කෙසේ නමුත් ඔහු පවසා සිටියේ අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවය.