ළිඳකින් හමුවූ කාන්තා මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන

Report
1Shares

වේයන්ගොඩ පොලිස් වසමේ කුරුන්දවත්ත,හංචපොළ ප්‍රදේශයේ ළිඳක කාන්තා මළ සිරුරක් ඇති බවට ඊයේ (11) පස්වරුවේ වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙසින් මරණයට පත්ව ඇත්තේ කුරුන්දවත්ත ,හංචපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවු 69ක්වු මන්ද්‍රි යස්මින් ගුණවර්ධන නැමැති කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.