මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07දෙනෙක්ට ඇප

Report
1Shares

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු අද (12) දින ඇප මත මුදා හැරුණි.

මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 07 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කිරීමට එහිදී මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බැවින් එළඹෙන 19 වැනිදා දක්වා ඔවුන් දෙදෙනා යළි රිමාන්ඩ් කිරීමටද නියෝග කරන ලදි.