පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට යළි රැස්වෙයි

Report
1Shares

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට(13) දින යළි රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්වරුන් සාක්ෂි ලබාදීම සඳහා එදින කැඳවා ඇති බව වාර්තා වෙයි.