අපවත්වී වදාල රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නාහිමියන්ගේ අවසන් කටයුතු අද

Report
2Shares

අපවත් වී වදාල දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය පල්ලත්තර සිරි සුමනජෝති නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිතව තිබේ.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අද දින පස්වරු 3ට ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිත බව සංවිධාන කමිටුව සඳහන් කළේය.

ගාල්ල, මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ විහාරාධිපති පල්ලත්තර සිරි සුමනජෝති නාහිමියන් පසුගිය ඉරිදා අපවත් විය.

ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවුඩයකින් තම සංවේගය පළ කර තිබුනි.