"කළු අජිත්" වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනේ

Report
1Shares

ජාඇළ,ඒකළ,මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික ක්‍රිශාන්ත අජිත් කුමාර හෙවත් "කළු අජිත්" වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසූවේ මීගමුව ප්‍රදේශයේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් 31 හැවිරිදි කාලිංග කසුන් හෙවත් "හීනටියන සංඛ" නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.