අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නියෝග

Report
1Shares

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාසයක කාලයක් ඇතුළත චෝදනා ගොනු කිරීමට පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද(12) දින නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව කැඳවනු ලැබීය.

චෝදනා සම්බන්ධයෙන් වන විභාගය ලබන මස 30 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනි සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කළ බවට රන්ජන් රාමනායක මහතාට චෝදනා එල්ල වී ඇත.