ගෙවත්තක තිබී අත් බෝම්බ පහක් සොයාගැනේ

Report
1Shares

වවුනියාව,වේලන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී අත් බෝම්බ පහක් සොයාගත් බව වවුනියාව පූවරසන්කුලම පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ ඊයේ (11) පස්වරුවේ එම අත් බෝම්බ සොයා ගත් බවයි.

ගෙහිමියා ගෙවත්ත සකස් කරන අවස්ථාවකදී එහි තිබී අදාළ අත්බෝම්බ දැක පොලීසිය දැනුවත් කර ඇති අතර අනතුරුව පොලීසිය ගොස් අදාළ ස්ථානයේ තිබූ අත්බෝම්බ, නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබාදුන් බව පොලීසිය කීය.

පසුගිය යුද සමයේ එල්. ටී. ටී. ඊ සංවිධානය දමාගිය බෝම්බ ‍එලෙස හමුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.