වෛර සිතින් වචනයක් හෝ ප්‍රකාශ කරන්නා මගේ පණිවිඩය දරන්නෙක් නොවේ: බුදුන් | VIDEO

Report
9Shares

ජීවිතාරක්ෂාව සඳහා වුවද පෙරලා පහර දීම බුදුන් වහන්සේ විසින් අනුමත නොකරන ලද බව වල්පොල රාහුල වල්පොල ශ‍්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධිපති ස්වාමීන් වහන්සේ පෙන්වා දෙති.

මහත් වධයට පත්ව සිටින අවස්ථාවකදී වුව “මෛත්‍රියෙන් බැහැරවී වෛරී සහගත, කේන්ති ගත්ත සිතකින් වචනයක් හරි ප්‍රකාශ කළොත් ඔබ තවදුරටත් මගේ පණිවිඩය දරන්නෙක් නොවේ,” යයි බුදුන්වහන්සේ උපුටා දක්වමින් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියහ.

රජයේ බලධාරීන් ඇතුළු සිංහල ජාතිකවාදී බලවේග මෙන්ම ඉහළම පෙලේ භික්ෂුන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසුව දැඩි මුස්ලිම් විරෝධී ප්‍රතිචාර දක්වමින් සිටින වකවානුවක උන්වහන්සේ කියා සිටියේ බෞද්ධ ඉගැන්වීම අනුව මෛත්‍රිය යනු සතුරකුට වත් පෙරලා පහර දීම නොවන බවයි.

“බෞද්ධ ඉගැන්වීම මොනම අවස්ථාවකදී වත්, තම ජීවිතාරක්ෂාව සඳහාවත් ආපහු පෙරලා පහර දීම, වධයට ලක් කිරීම බුදු දහම පිළිගන්නේ නැහැ,” යි උන්වහන්සේ අවධාරණය කළහ.