ආණ්ඩුව හා විපක්ෂය සමග ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වේ | VIDEO

Report
3Shares

බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක බලධාරීන් මෙන්ම ආණ්ඩුවේ සහ විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ කතානායකවරයාද සමග ජාතික ආරක්ෂක මණ්ඩලය සේනාධිනායක ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනම් කර ත්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී උපදෙස් දුන් බව ජනාධිපති කාර්යාංශය නිවේදනය කරයි.

මීට ඉහතදී මාස ගණනක් තිස්සේ සහභාගි කර නොගන්නා ලද අගමැති රනිල් වික්‍රමසිංහත් ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ සිටින ආකාරය ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද හඬ පටයක් නොමැති වීඩියෝ දර්ශන වල දැක ගන්නට ලැබේ.