“තත්වය නරක් වීමට පෙර” ශ්‍රී ලංකාවට මැදිහත් වන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉල්ලීමක්

Report
2Shares

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු බියගැන්වී සිටින ශ්‍රී ලංකාවේ සුළුතර ආගමිකයන්ගේත් යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාවගේත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස එක්සත් ජනපද ආණ්ඩුවේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ආගමික නිදහස සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තානාපති වරුන් වෙත ලිපියක් ලියන මන්ත්‍රීවරු හදිසි නීතිය පවත්වාගෙන යාම මගින් ආගමික නිදහස අවදානමේ හෙලනු ඇති බවට බිය පල කරති.

බෝම්බ ප්‍රහාර වලින් අනතුරුව රජය විසින් දක්වන ලද ප්‍රතිචාරය මානව හිමිකම් උල්ලංඝනයටත්, ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර ගැටුම් උත්සන්න කිරීමටත් මග පාදා යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ පැවති “බිඳෙනසුළු සාමය” අනතුරේ හෙලනු ඇති බව ලිපියේ සඳහන් වෙයි.

“සාමය බිඳෙනසුළු වී තිබෙන ශ්‍රී ලංකාවේ කලහකාරී බව උත්සන්න වෙමින් පවතී,” යි ඩිමොක්‍රටික් පාක්ෂික ඉල්හාන් ඔමාර් මන්ත්‍රීවරිය පවසන්නීය. “තත්වය නරක අතට හැරෙන්නට පෙර ප්‍රතිචාර දක්වන ලෙස ආගමික නිදහස සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන තානාපතිවරුන්ගෙන් මම උදක්ම ඉල්ලා සිටිමි.”

ඇය හා එක්ව ජිම් මැක්ගවර්න් හා බිල් ජොන්සන් මන්ත්‍රීවරුන් විසින් යවන ලද ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ආරක්ෂාව කෙරේ අවධානය යොමු කිරීමට මෙන්ම මුස්ලිම්, ක්‍රිස්තියානි හා දෙමළ ජනතාව ඇතුළු ශ්‍රී ලාංකික සුළුතර ජනතාවගේ මානව හිමිකම් රැකීම සඳහා ද එක්සත් ජනපදය මැදිහත් විය යුතු බවයි.

“අපි මේ දෙකම එක වර කළ යුතුමයි.”

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය නැවත පැනවීමට දිනකට පෙර ලියන ලද ලිපියෙන් අනතුරු අඟවන පරිදි හදිසි නීතිය මගින් “කිසිදු අධිකරණමය අධීක්ෂණයකින් තොරව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ පුළුල් බලතල” පොලිසියට හා සන්නද්ධ සේනා වලට හිමිවේ.

හිස් ආවරණ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් තහංචියක් පැනවීමත් සමගම එය මුස්ලිම් ජනතාව පීඩාවට පත් කරමින් නිල නොවන ආකාරයෙන්ද ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමුවී තිබේ.

“පාස්කු ඉරිදා ප්‍රහාර සමගම ආගමික නිදහස ඉලක්ක කොට දියත් කෙරුනු ප්‍රති ප්‍රහාරය සම්බන්ධයෙන් මම බලවත් සේ කැළඹී සිටිමි,” යි කොන්ග්‍රස් සභික ජිම් ජිම් මැක්ගවර්න් පවසයි. “දශක ගණනාවක සිවිල් යුද්ධයකින් දැනටමත් බලවත්සේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව මහත් අමාරුවෙන් දිනාගත් අයිතිවාසිකම් සෝදාපාලු කිරීමට හෝ ඊට හානි පැමිණවීමට හෝ මේ ප්‍රහාර වලට ඉඩ දිය නොහැකිය.”

ශ්‍රී ලංකාවේ කරනු ලබන මැදිහත්වීම් හා මුලෝපාය සම්බන්ධයෙන්ද, හදිසි නීතිය හා අවදානමට ලක්විය හැකි ලාංකික ජනතාව සම්බන්ධයෙන්ද ගන්නා පියවර මාසයක් ඇතුලත ලිඛිතව දැනුම් දෙන ලෙස මන්ත්‍රී කණ්ඩායම, තානාපති සැමුවෙල් බ්‍රවුන්බෑක් සහ කෙලී කරීගෙන් ඉල්ලා සිටිති.

මුස්ලිම් විරෝධී ප්‍රහාර දේශපාලනික වශයෙන් මෙහෙයවන බවට බරපතල අවධානය යොමුකළ ඉස්ලාමීය රටවල් එකතුව (OIC)මේ මාසය මුල නිවේදනයක් නිකුත් කරමින්, මුස්ලිම් වරුන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා කලාපීය මෙන්ම ගෝලීය බලපෑමක් කරනු ඇති බවට අනතුරු අඟවා තිබුනි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීන් මෙන්ම, පුද්ගලික අංශ සහ ජනමාධ්‍යද මුස්ලිම් ජනතාව පීදාව්වටත් අවමානයටත් පත්වන ආකාරයෙන් වෙනස්කම් පෑම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදන ගණනාවක් නිකුත් කර තිබේ.