විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි බදියුදීන්ට වෙනත් දිනයක් දැනුම් දෙයි

Report
1Shares

අද(26) දිනයේදී විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා නියමිතව තිබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි විමසීම සඳහා මෙම කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම නිසා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් සාක්ෂි ලබානොගෙනම යලි එළඹෙන සිකුරාදා දිනයේදී කමිටුව හමුවට සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ලෙස ඒ මහතා හට දැනුම් දෙන ලදි.

එහිදී වෙනත් දිනයකදී පැමිණිය හැකිදැයි කාරක සභාව විමසා සිටීමේදී රිෂාඩ් බදියුදීන් මහතා ඊට කැමැත්ත පළ කිරීම හේතුවෙන් මෙසේ සාක්ෂි ලබාදීම සඳහා යළි පැමිණෙන ලෙස ඒ මහතා හට දැනුම් දීම සිදු කර ඇත.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව අද (26) දින හත්වන දිනට රැස්වූ අතර එම කමිටුව හමුවේ පළමුව සාක්ෂි දෙනු ලැබුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාය.

අවසාන වශයෙන් අද දිනයේදී කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා නියමිතව තිබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාය.