කිරින්ද මුහුදු වෙරළ තීරයේදී සැඩ රළ පහරට හසු වී අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මවත් ජීවිතක්ෂයට

Report
2Shares

කිරින්ද මුහුදු වෙරළ තීරයේදී ඉකුත් (22) වනදා සැඩ රළ පහරට හසු වී අසාධ්‍යව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) දින රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙයි.

හසිනි විජේසුරිය මහත්මිය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කල අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි පසුගිය 22 වෙනි දින හසිනි විජේසුරිය මහත්මියගේ පවුලේ උදවිය සැඩ රළ පහරට හසු වීමෙන් සැමියා සහ දියණියන් දෙදෙනාට දිවි අහිමි විය.