ආන්දෝලනයකට ලක්ව ඇති ස්පෙක්ට්‍රම් ගුවන් යානය ලංකාවට

Report
3Shares

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් ව ඇති දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මේ වන විට නවත්වා ඇත.

ගුවන් යානය ඊයේ ( 07) බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ තිබූ අතර මෙය දකුණු අප්‍රිකාවේ ලියාපදිංචි කර ඇති ස්පෙක්ට්‍රම් එයා ප්‍රොපටි ( spectrem air property ) ගුවන් සමාගමට අයත් එච්.සී.- 47 වර්ගයේ ගුවන් යානයකි.

මෙම ගුවන් යානය අඩි 10,000 ක් පමණ පහතට ගැනීමෙන් පසු , පියා සලන අතරතුරම , පොළව අභ්‍යන්තරයේ මීටර් 800 ක් ගැඹුරට ප්‍රදේශය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ හැකි වර්ගයේ ගුවන් යානයක් බව සඳහන්ය.

මෙම ගුවන් යානා සමාගම සතුව තවත් මෙවැනි ගුවන් යානා රාශියක්ම ඇති අතර, ඔවුන් මේ ආකාරයට විවිධ රටවලට ගොස් භූ ගර්භ පරීක්ෂාවන් සිදු කරන ආයතනයකි.

මෙම ගුවන් යානයෙහි කාර්යය මණ්ඩලය ලෙස තිදෙනකු පැමිණ ඇති අතර ඔවුන් මේ වනවිට විවේක ගැනීම සදහා රට අභ්‍යන්තරය වෙත ගොස් තිබේ.

මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගෙන හෙට(09 )පිලිපීනයේ මැනිලා නුවර වෙත පිටත්ව යෑමට නියමිතය.