ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට සහ සෛවරීත්වයට හානි වන කිසිදු ක්‍රියාවක් අපි සිදු කරන්නේ නෑ

Report
1Shares

රටට අහිතකර කිසිඳු යෝජනාවකට මෙතෙක් අත්සන් තබා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කලේය.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට සහ සෛවරීත්වයට හානි වන කිසිදු ක්‍රියාවක් සිදු නොකරන බවත් ඇතැම් මාධ්‍ය මෙවැනි හානිදායක ගිවිසුමක් අත්සන් කළායැයි පවසා තිබෙන නමුත් අත්සන් කළා යැයි ඔවුන් පවසන එම ගිවිසුම කරුණාකර තමන් වෙතට පත්කිරීමට කටයුතු කරන මෙන් තමා ඔවුන්ට ප්‍රකාශ කරන බවත්ය.

වීඩියෝව පහතින්..