ජාතික ගමනාගමන කොමිසන් සභාවේ 25වන සංවත්සරය හෙට

Report
2Shares

ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ 25 වන සංවත්සරය ප්‍රවාහන හා සිිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග, ප්‍රවාහන රාජ්‍ය ඇමති අශොක් අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට(12) වැනිදා පෙරවරු 09.30ට නාරාහේන්පිට ජාතික ගමනා ගමන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙදිනට තැපැල්සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එම්.ඒ.හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කරන බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි.

1994 වසරේ අප්‍රියෙල් මස 04 වැනිදින සිට ක්‍රියාත්මක වූ ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ආරම්භක සේවකයින් 06 දෙනෙකුට සිහිවටන තිළිණයන්ද පිරිනැමීමට නියමිතය.

මීට අමතරව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සේවක සේවිකාවන්ටද සමරු තිළිණ පිරි නැමීමට තීරණය කොට ඇත.

25 වැනි සංවරත්සරයට සමගාමීව දුරගමන් සේවා බස්රථ, නගරබද බස්රථ හා දුම්රියයන් පිළිබඳ තොරතුරු ජී.පී.එස් තාක්ෂණය උපයෝගී කරගෙන තම ජංගම දුරකථනයෙන් දැන ගැනීමේ ක්‍රමවේදයද ක්‍රියාත්මක කෙරේ.

මෙම ක්‍රමවේදය තුළින් කිසියම් කෙනෙකුට යාපනයට බස් බස්රථයෙන් හෝ දුම්රියෙන් යාමට අවශ්‍ය වුවහොත් නිවසේ සිට අදාල බස්රථය හෝ දුම්රිය පිළිබද සියළු තොරතුරු දැනගැනීමට හැකිවනු ඇත.

මෙම තාක්ෂණ ක්‍රමය තුළින් සිය ගමන් බිමන් යාමට හෝ අදාල ගමනාගමන පිළිබඳ සියළු තොරතුරු තම ජංගම දුරකථනයෙන් ඉතා පහසුවෙන් ලබා ගත හැකි බවද ජනක මල්ලිමාරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.