ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 09ක් අත්අඩංගුවට

Report
1Shares

පුත්තලම, කළපු ප්‍රදේශයේ ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09ක් අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ(10) දින මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබුනි.ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 22ත් 58ත් අතර වයසැති කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04ක්, පිටත දහන යන්ත්‍ර 04ක්, තහනම් ධීවර දැල් 04ක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 51ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.