ගෞරව නාම සහිතව පත්වීම් ලැබූ විමලරතන හිමියන් වෙත පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය හෙට

Report
1Shares

සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ රයිගම් සල්පිටි හේවාගම් පස් යොදුන් සිව්කෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය සඳහා සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරතන යන ගෞරව නාම සහිතව පත්වීම් ලැබූ පූජ්‍ය රන්පත්විල විමලරතන හිමියන් වෙත පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය හෙට(12) මල්වතු මහාවිහාර උපෝෂථාගාරයේදි සිදුවේ.

මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලහිමිපාණන් වහන්සේ ප්‍රධාන විංශද්වර්ගික කාරක සංඝ සභාවේ සහභාගීත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදුකිරීමට නියමිතය.

වර්ෂ 1970 දී උතුම් වූ පැවිදි දිවියට එළඹි උන්වහන්සේ ඉන් දස වසරකට පසු මල්වතු මහ විහාරයේදී උපසම්පදාව ලැබූහ.

1991 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් වර්ෂ 1994දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් විමලරතන හිමියෝ ලබා ගත්හ.