ලංකාවේ උපන් බුදුන් වහන්සේ මුලින්ම වන්නියේ බණ දෙසූ හැටි සහ තවත් සිංහල පුරාජේරු | VIDEO

Report
57Shares

ශතවර්ෂ 25 කට වැඩි කාලයක් පැවති ඓතිහාසික සම්මතය ප්‍රතික්ෂේප කරන ප්‍රකට මනෝවිද්‍යා උපදේශකයෙක් බුදුන් වහන්සේ මහනුවර ආසන්නයේ උපත ලබා පළමු ධර්ම දේශනය හෙළ බසින් වවුනියාවේදී පැවැත්වූ බව පවසයි.

රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල හිමියන්ද හමුවේ චන්දන ගුණවර්ධන නම් දේශකයා මෙම විශ්මිත ප්‍රකාශනය කළේ සිංහල වෙළෙඳ ව්‍යාපාරික ජාලයක් පිහිටුවාගැනීම සඳහා කිරිබත්ගොඩ පාර්ක් රෝයල් හෝටල් ශ්‍රවනාගාරයට එක්වූ ගිහි පැවිදි සමූහයක් අමතමිනි.

පළමු වානේ නෞකාව, පළමු ස්නයිපර් තුවක්කුව ඇතුළු බොහෝ නිෂ්පාදන සිංහලයාගේ විස්කම් ලෙස හඳුන්වා දුන් ඔහු පවසන පරිදි පළමු මානවයා බිහිවූයේද ශ්‍රී ලංකාවෙනි.

එවැනි දස්කම් පෑ සිංහල පරපුරේ ව්‍යාපාරික ප්‍රජාව පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමට සුදුස්සන් බවට අවධාරණය කළ ඔහු රාජ්‍ය නායකත්වය සඳහා ඊටත් වඩා යෝග්‍ය ලෙස යෝජනා කළේ හමුදා පාලකයෙකි.

ඔහුගේ අදහස සභාව ඇමතූ හිටපු හමුදාපති ජගත් ජයසූරිය විසින්ද අනුමත කරන ලදී.

චන්දන ගුණවර්ධන තාමන් හඳුන්වා දී ඇත්තේ ග්‍රන්ථ 30 කට වඩා රචනා කොට ඇති “ජීවිතයේ සියලුම ක්ෂේත්‍ර වල වඩාත් සාර්ථක භාවයක් හා සතුටක් අත් කරගැනීම සඳහා ජනතාවගේ ජීවිත රූපාන්තරණය කරන දුරදර්ශී නායකයෙක්,” ලෙසිනි.