ගෝටාට විරුද්ධව පැවරූ නඩුවේ වධක චෝදනා සිංහලෙන් හා දෙමළෙන් ප්‍රසිද්ධ කෙරේ

Report
5Shares

ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරූ බව එක්සත් ජනපදයේදී දැනුම් දුන් අවස්ථාව

ඉදිරි ජනාධිපතිවරණයේ තරග වදින්නට සැදී පැහැදී සිටින රාජපක්ෂ සමයේ ආරක්ෂක බලවතාට එරෙහිව දස දෙනකු විසින් එක්සත් ජනපදයේ පවරා ඇති නඩුවේ පැමිණිල්ල සිංහලෙන් හා දෙමළෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අණ යටතේ රාජකාරි කරද්දී ලිංගික වහල් කඳවුරු පවත්වාගෙන යාම, මිනිසුන් සහ ගැහැණුන් පැහැර ගෙන ගොස්, ලිංගික හිංසන ඇතුලු දසවද දීම සම්බන්ධයෙන් චෝදනා කෙරෙන උසස් හමුදා සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද නඩුකරයේ නම් කර ඇත.

නඩුව පවරා ඇති දහදෙනා අතරින් කාන්තාවන් තිදෙනකු ඇතුලු අටදෙනෙක් දෙමළය. අනික් දෙදෙනා සිංහලය.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශකයකු වන මිලින්ද රාජපක්ෂ විසින් නඩු පැවරීම ප්‍රතික්ෂේප කර තිබුනේ, එය අනාගත ජනාධිපති අපේක්ෂකයාගේ "ප්‍රතිරූපය කෙළසීමේ" උත්සාහයක් ලෙස හුවා දක්වමිනි.

හවුස්ෆෙල්ඩ් ජාත්‍යන්තර නීතිඥ සමාගම හා එක්ව නඩුව පවරන ලද යස්මින් සූකාගේ මූලිකත්වයෙන් යුත් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර මූලස්ථාන කොටගත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පවසන පරිදි චෝදනා එක්රැස් කරගන්නා ලද්දේ හය අවුරුද්දක ගවේෂණයකිනි.

නඩුවේ පැමිණිල්ල සිංහලෙන් හා දෙමළෙන් කියවන්න, මෙතනින්.