ශ්‍රී ලංකාව ජගත් නෙට්බෝල් තරගාවලියේ පළමු ජය ලබාගනී | VIDEO

Report
8Shares

මේ වසරේ ජගත් කාන්තා නෙට්බෝල් තරගාවලියේ පළමු ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 88 ට පිළිතුරු වශයෙන් ඒ හා තරග වැදුනු සිංගප්පුරුව ලබාගෙන ඇත්තේ ලකුණු 50ක් පමණි.

ජයග්‍රාහී ගෝල සංඛ්‍යාවෙන් 76ක්ම ලබාගෙන ඇත්තේ සමස්ත 2019 තරගාවලියේ මේතාක් වැඩිම ලකුණු සංඛ්‍යාව හිමිකාරගත් තර්ජිනී සිවලිංගම් ය.

ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නායිකා චතුරංගි ජයසූරිය ගගන වෙනුවෙන් ප්‍රසාද් සේනාධීර සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ආසියානු ශුරතාවය දිනා ගත් අවස්ථාවේ සිගප්පුරුව පරාජය කළාට වැඩි සතුටක් තමන්ට දැනුනු බවයි.

හෙට දිනයේ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත්තේ සැමෝවා සහ ෆිජි කණ්ඩායම් සමගයි.

තරගයේ උණුසුම් අවස්ථා සහ නායිකා චතුරංගි ජයසූරිය සමග කතාබහ පහල වීඩියෝවේ.