සැප්තැම්බරයේ ලංගමයට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බස්රථ

Report
73Shares

ලබන සැප්තැම්බර් මාසය වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලයට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වායු සමනය කල බස්රථ ඇතුළුව බස්රථ දෙදහසක් ධාවනයට එක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

"මින් ඉදිරියේදී මෙරටට ආනයනය කරන සියළුම බස්රථ අන්තර්ජාතික පහසුකම් වලින් සමන්විත, නියම ප්‍රමිතියට අනුකූල බස්රථ පමණක් විය යුතුයි. ලංගම බස්රථ සේවාව වැඩි දියුණු කල යුතුයි. එම නිසා වායු සමනය කල හයිබ්‍රිට් බස්රථ 1000ක්ද, සාමාන්‍ය බස්රථ 1000ක්ද බස් ඇනියට එක්කල යුතුයි. හයිබ්‍රිට් බස්රථවල පාපුවරුව පහතට ඇති නිසා මගීන්ට ගොඩවීමට ඉතා පහසුයි. ටෙන්ඩර් ක්‍රමය යටතේ මේ වනවිටත් ඉන්දියාවෙන් බස්රථ පන්සියයක් ගෙන්වීමට ඇනවුම් කර අවසන්. ආසන 56 බස්රථ හාරසියයකුත්, ආසන තිස්හයේ බස්රථ සියයකුත්, ටාටා ලේලන්ඩ් බස් රථ මේ වසර මැදවනවිට ගෙන්වීමට නියමිතයි.

ඒ තුලින් ලංකා ගමනාගමන මණ්ඩලයට විශාල ප්‍රගතියක් බලාපොරොත්තු වෙයි. ලංකාවේ සමහරක් මාර්ග වල ධාවනය වන පෞද්ගලික බස්රථ වල ඹවුන්ට ඕන ඕන ආකාරයට ආසන සවිකර තිබීම නිසා මගීන් දැඩි අපහසුතාවයන්ට පන්වනු ඇත.

එම නිසා මගීන්ට පුර්ණ සහසුකම් ලබාදීමේ අරමුණෙන් අන්තර් ජාතික පහසුකම් වලින් සමන්විතව පිරිවිතර බස්රථ පමණක් මින් ඉදිරියට මෙරටට ආනයනය කෙරෙනු ඇත. අදාල බස්රථවල ආබාධිත අයෙකුට පහසුවෙන් ගොඩවීමට හැකිවන අයුරින් පාපුවරුව පහත් කිරීමට හැකිවිය යුතුයි. බස්රථයේ ආසන අතර පරතරය සෙන්ටි මීටර් 200ක පරතරයක් තිබිය යුතුයි. එක් පේලියට ආසන දෙක බැගින් සවිකර තිබිය යුතු අතර බස්රථයේ එහා මෙහා ආබාධිතයකුගේ රෝද පුටුවක් රැගෙන යාහැකි ආකාරයට ඉඩ තිබිය යුතුයි. අන්තර් ජාතික පහසුකම් මගීන්ට ලබාදීමේදී දැනට එක් පේලියට ආසන තුනකුත් අනික් පේලියට ආසන දෙකකුත් සවිකර තිබෙන බස්රථවල ආසන තුනක් සවිකර තිබෙන ඒවාගේ එක් ආසන පේලියක් අනිවාර්යයෙන්ම ගැලවිය යුතුයි. වයිෆයි පහසුකම් වලින් ද පෝන් චාජ් කිරීමේ (දුරකථන බැටරි ආරෝපනය )පහසුකම් වලින්ද සමන්විත අතර ආසනවල ඇන්ද අන්තර් ජාතික මට්ටමට තිබිය යුතුවෙයි.

අන්තර් ජාතික පහසුකම් සහිත බස්රථ වල රියදුරු අසුන වෙනම තිබිය යුතුවෙයි. ගම්බද මාර්ග වලට ආසන 30 කින් සමන්විත බස් රථද, නගරබද ධාවනය සදහා ආසන 42,47 ,56 කින් සමන්විත බස්රථ යන ආකාරයට ප්‍රමිති සකස් කර ඇත. අදාල බස්රථ ප්‍රමිතීන් පිළිබදව කැබිනට් අනුමැතියට යොමුකර තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය බාරගන්නා විට වාර්ෂික වාර්තා වසර පහක් තුල අස්ථාන ගතවී තිබුණි. රුපියල් කෝටි 2555 ණය මුදලක් තිබූ අතර වසර තුනහමාරක කාලයක් තුල එම ණය මුදල පියවා මේ වනවිට සේවක අර්ථ සාධක අරමුදල් පාරිතෝෂිත මුදල් ,සේවක භාර කාර අරමුදල් ලබාදීමට මේ වනවිට කටයුතු කර ඇත. ලංකා ගමනා ගමණ මණ්ඩලයේ ඩිපෝ 106 න් 76 ක පඩි ගෙවා නොතිබුණි. පසුගිය වසර තුනහමාරක කාලයක් තුල දරාගන්න බැරිතරමට පාඩු ලබමින් තිබුණ එම පාඩුව මකා දමා මේ වනවිට ඕනෑම සේවකයකු සේවයෙන් ඉවත්වනවිට පාරිතෝෂිත මුදල් මාස තුනක් ඇතුළත ලබාදීමට පියවර ගෙන ඇත. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංගම සේවකයින් හට රුපියල් 13500/ පාරිතෝෂිත දීමනාවක් පසුගිය දෙසැම්බර් මාසයේ ලබාදුණි. 2017 වසරේ කෝටි 161 ක ලාභයක් ලංකා ගමනා ගමන මණ්ඩලට ලබාගෙන ඇත. මේ විශාල ජයග්‍රහනයක් ලැබුවත් දින 51 ගෙවුන රජය නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය. හිටපු සේවකයින් එළවා වෙනත් සේවකයින් එම තනතුරුවලට පත්කොට ඇත. එම නිසා සෑම ඩිපෝවකම ආදායම සියයට හතළිහකින් (40%)පහත වැටුණි. බස් කොන්දොස්තරවරු ,රියදුරන් ,ආයතනවල පරිපාලන කටයුතු වලට යොමු කෙරිණි. එමනිසා ලංගම ආදායම සියයට තිහකට (30%)වැඩියෙන් අඩුවුණි. නමුත් දැන් එය යථා තත්ත්වයට පත්කරගෙන ඇත.

දැනට ලංගම අළුත් බස් තිබෙන්නේ 36 කි. අනික් සියළු බස් බොහොමයක් පැරණි නිසා බස් ඇනිය යාවත්කාලීන කිරීමට නියමිතය. සෑම වසරකම බස්රථ 500ක් ධාවනයෙන් ඉවත්වන බැවින් ලංගමට බස්රථ 9000ක් අවශ්‍ය වෙයි. වසර පහකට වැඩි බස්රථ 2500 ක්ද,වසර පහත් දහයත් අතර පැරණි බස්රථ 1500 ක්ද ,වසර පහළොවට වැඩි බස්රථ 1000 ක්ද ඇත. සෑම වසරකම බස්රථ ඇනියෙන් 500ක් ඉවත්වෙද්දී තව වසර දෙකක් යනවිට නව බස්රථ ඇනියට එකතු කල යුතුයි. එම නිසා ලොරි රථ නැතිව බස්රථ එකතු කිරීමේ වැඩසටහන යටතේ සුඛෝපභෝගී බස්රථ ලංගමයට එක්කොට සාමාන්‍ය ගාස්තුවට වඩා 1.7% ගාස්තුවක් අය කිරීමට නියමිතයි. නව බස්රථ 2000 ගෙන්වන්නේ රජයට කිසිදු බරක් නොමැතිව ආයෝජකයකු හාරහායි. මේ සදහා කැබිනට් අනුමැතිය ලැබුණු විගස ලබන සැප්තැම්බර් මාසය වනවිට ධාවනයට එක්කෙරෙනු ඇත. බස්රථයෙන් ලැබෙන ආදායමෙන් ආයෝජකයාට ගෙවීමට නියමිතයි . මෙසේ ගෙන්වන බස්රථ කොළඹ ඇතුළු දිවයින පුරා තිබෙන ඩිපෝවලට ලබාදීම තුලින් ජනතාවට ඉතා පහසුවේන් සුබෝගභෝගි බස්රථයක සිය රාජකාරී සඳහා ගමන් කලහැකිවන අතර කොළඹ නගරයේ තිබෙන තදබදයට විසඳුමක් ලැබෙන බවද අශෝක් අබේසිංහ ඇමතිවරයා පැවසුවේය.