එජාපයෙන් “සිංහල බෞද්ධ ජනාධිපති අපේක්ෂකයෙක්” | VIDEO

Report
2Shares


මීළඟජනාධිපති ධුරය සඳහා තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයෙන් සිංහල බෞද්ධ අපේක්ෂකයකුඉදිරිපත් කරන බව සිංහල ජාතිකවාදී අමාත්‍යවරයකු පවසයි.

සජිත්ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රසිද්ධියේප්‍රකාශ කර තිබුනත් ඒ පිළිබදව එක්සත් ජාතික පෙරමුණ තවමත් සාකච්ඡා කොට නොමැති බව චම්පික රණවක අමාත්‍යවරයාමල්වතු මහ විහාරයේදී පැවැති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

“යැංකින්ගේ සිංහල බෞද්ධකම වෙනුවට, නියම ශ්‍රී ලාංකිකබෞද්ධ කමත් එක්ක අනිකුත් ආගම් ආරක්ෂා කරන අපේක්ෂකයෙක් එයි.”

තරගයටඉදිරිපත් වීම සඳහා සූදානම් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය රණවකවිසින් හඳුන්වන ලද්දේ පවුල්වාදීවරිග සභාවේ අපේක්ෂකයාලෙසයි.