පහසුකම් නැතිවම දැල්පන්දුවෙන් ලෝක මට්ටමට පැමිණීම ගැන සතුටු වෙන තර්ජනී | VIDEO
Reportඉතා අඩු පහසුකම් සහිතව ක්‍රීඩා කරමින් දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය දක්වා පැමිණීමට හැකිවීම ගැන ශ්‍රී ලංකා පිලේ තර්ජිනී සිවලිංගම් සතුට පලකරන්නීය.
ලොව උසම විදින්නිය ලෙස පිළිගැනෙන තර්ජිනී පහළොස්වැනි ජගත් දැල්පන්දු ශුරතාවලිය පැවැත්වෙන ලිවර්පූල් ක්‍රීඩාංගනය අබියසදී ගගන වෙනුවෙන් මාධ්‍යවේදී ප්‍රසාද් සේනාධීර සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ වෘත්තීය පදනමින් පුහුනු කටයුතු වල යෙදෙන ජාත්‍යන්තර කණ්ඩායම් සමග තරග වදින ශ්‍රී ලංකා පිලට ඒ හා සමාන අවස්ථා නැති බවයි.
පිළිමල් කණ්ඩායම් වලට එරෙහිව ගෝල 271 ක් ලබාගත් ඇය මෙවර තරගාවලියේ මේතාක් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩිකාවයි.
යාපනයේ පුන්නාලෙයිකට්ටුවන් හි ඊවිනෙයි ගම්මානයේ හතලිස් අවුරුද්දකට පෙර උපත ලැබූ තර්ජිනී සිවලිංගම් මඩකලපුව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරිනියකි.