පාස්කු ප්‍රහාරයෙන් පසු සුළුතර ආගම් විරෝධී පීඩාව ජාත්‍යන්තර අවධානයට | VIDEO

Report
3Shares

පාස්කුඉරුදින ප්‍රහාරයේ විනාශයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවමුහුණ පා සිටින පීඩාකාරී තත්වය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයැවීමෙන් පැවති ජගත්සාමයික සමුළුවක අවධානයට යොමු වී තිබේ.

මියගිය250 කට අධික ජනකායට අමතරව හානියට පත්වූවන් මුහුණ පා සිටින ඛේදනීය තත්වය මෙන්ම ඉන්අනතුරුව ශ්‍රී ලංකාවේ සුළුතර ආගමික ප්‍රජාවඅත්විඳින ගැහැට ද ජාත්‍යන්තර අවධානයට යොමු කෙරුනේ 150 දෙනකුට වැඩි ජාත්‍යන්තරනියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් වොෂින්ටන් නුවර මුළුදුන් ආගමික නිදහස නගා සිටුවීම සඳහාවන සමුළුව හමුවේය.

ලාංකික ක්‍රිස්තියානි ප්‍රජාව නියෝජනය කරමින් සමුළුවටසහභාගී වූ ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයේ යාමිනි රවීන්ද්‍රන් මුස්ලිම්වරුන්ටඑරෙහි ප්‍රචණ්ඩතාව ගැනද සභාව දැනුවත් කළාය.

“ප්‍රජාවන්අතර අවිශ්වාසය, මුස්ලිම්ප්‍රජාවද ඉලක්ක කරගෙන විශේෂයෙන්ම සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පල කෙරෙනවෛරී භාෂණය හා වැරදි තොරතුරු වැඩිවී තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සති 3කට පසු මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රතිප්‍රහාරයක් දියත්වුනි.”

පාස්කුප්‍රහාරය මගින් ක්‍රිස්තියානි ප්‍රජාව පෙර නොවූ ආකාරයේ බියජනක මානසිකත්වයකට හෙලනලද අයුරු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල්පොම්පියෝ ගේද සහභාගිත්වයෙන් පැවැත්වුනු සමුළුවට කියා සිටි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානිධර්මදාන සන්ධාන නියෝජිතවරිය හදිසි නීතිය නැවත පනවනු ලැබීම සමග තවත් පීඩාවක් ඇතිවූ බවප්‍රකාශ කළාය.

“මෙහිප්‍රතිපලයක් ලෙසින් ආරක්ෂාව සලසන මුවාවෙන් දේවස්ථාන ප්‍රශ්න කිරීමට ඉඩ සැලසිනි. ඇතැම්අන්තවාදී කොටස්වල කියමන් වඩාත් දැඩිව හා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කිරීමට එමගින්බලයක් ලැබුනි.”

ආගම්විරෝධී ප්‍රහාරවලින් පසු ඊට ප්‍රතිචාර දක්වනු වෙනුවට ඒවා සිදුවීමට පෙර වලක්වා ලීමටආණ්ඩු එක්ව පියවර ගතයුතු බව නීතිඥ යාමිනි රවීන්ද්‍රන් ජගත් සාමයිකසමුළුවට නිර්දේශ කර සිටියාය.

ශ්‍රීලංකාවේ ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය විසින් එක්සත් ජනපද රාජ්‍යදෙපාර්තමේන්තුවට වාර්තා කර ඇති පරිදි පසුගිය වසරේ දිවයින තුල සිදුවී තිබෙන ක්‍රිස්තියානිවිරෝධී ක්‍රියාකාරකම් ගණන 74 කි.

දේවස්ථානවලට ප්‍රහාර,දේවගැති වරුන්ට සහ බැතිමතුන්ට එරෙහි අඩන්තේට්ටම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අමතරව දේවමෙහෙයපැවැත්වීමට කරන ලද බාධා ද ඊට ඇතුලත් වෙයි.