දඩ ගාස්තුවට කාන්තාවක් ක්ලාන්ත වී රෝහලේ

Report
3Shares

පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවකදී තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කල මගීන් 24 දෙනෙකු සංචාරක ප්‍රවේශපත්‍ර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවෝ නව දෙනෙකු සිටි අතර එයින් කාන්තාවන් දෙදෙනකු ගැබිණි මව්වරුන් බව ප්‍රධාන මාර්ගයේ සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක ආර්.එස්.ප්‍රේමතිලක මහතා පවසයි.

ප්‍රවේශපත්‍ර පරික්ෂාව රාගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා සිදු කොට තිබිණ.

මෙහිදි අත්අඩංගුවට ගත් එක් කාන්තාකට දඩමුදල ප්‍රකාශ කිරීමත් සමග ඇය කලාන්ත වී බිම අද වැටීමේ තිබේ.

වහාම ක්‍රියාත්මක වු සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක වරු ගිලන් රථයක් රැගෙන විත් ඇය කොළඔ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළු කොට තිබේ.

මෙහිදි අත්අඩංගුවට ගත් මගීන් 16 දෙනෙකුගෙන් රුපියල් 49130 /- දඩ මුදලක් සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරු අයකරගෙන ඇති අතර ඉදිරි මගීන් අටදෙනා ඒ මොහොතේ දඩ ගෙවීමට නොමැතිකමින් ඇපකර තබාගොස් තිබේ.

තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් දෙවන පංතියේ වාඩී වී නිදාගෙන ගමන් කරද්දී දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් හිටගෙන යාමට සිදු වී තිබීම කණගාටුවට කරුණක්.

වැඩි මුදලක් ලබාදී ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නේ නිදහසේ ගමන් කිරීමේ අරමුණෙනි.

නමුත් වැඩි මුදලක් ගෙවා දෙවන පංතියේ ප්‍රවේශ පත්‍ර ලබාගත් මගීන්හට දැඩි අසාධාරණයක් සිදුවී ඇත්තේ තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර යෙන් දෙවන පංතියේ ගමන් කිරීමය.

දෙවන පංතියේ දුම්රිය මැදිරි සතියකට සැරයක්වත් ප්‍රවේශපත්‍ර පරික්ෂා කරන්නේනම් වැඩි මුදලක් ලබාගත් මගීන්හට අසාධාරණයක් සිදු නොවන බව මගීහු පවසති.

ප්‍රධාන මාර්ගයේ සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක ආර්.එස්.ප්‍රේමචන්ද්‍ර මහතා, පුත්තලම් මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ හා මුහුදු බඩ මාර්ගයේ සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක මහත්වරුන් ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.