මුදල් ඇති නම් තවත් ඉහලට යන්න පුළුවන්: ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිය | VIDEO
Reportතර්ජිනී සිවලිංගම් ගේ ගෝල 77 ක පිහිටෙන් සිංගප්පූරුව පරදවා 2019 ජගත් දැල්පන්දු තරගාවලියේ 15 වැනි ස්ථානය කරා ඒමට සමත් වුනු ශ්‍රී ලංකා පිලට නිසි සම්පත් ලැබේ නම් ලෝක තරග පිටියේ තවත් ඉහලට යාමට ඇති හැකියාව ගැන කණ්ඩායමේ පුහුණුකාරිය දැඩි විශ්වාසය පලකරන්නීය.
“දිගු කාලීන සැලැස්මක් ඇතිව වැඩ කළොත් අපිට ලෝකෙට හොඳ චැලේන්ජ් එකක් දෙන්න පුළුවන්,” යයි තිලකා ජිනදාස ගගන හා කියා සිටියේ ලිවර්පූල් ක්‍රීඩාංගනයේ 19 බ්‍රහස්පතින්දා පැවති තරගයෙන් සිංගප්පූරුව ලකුණු 57 කට සීමා කළ ශ්‍රී ලංකා පිල ලකුණු 78 ක ජයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.
එම තරගයේදී ලකුණු 77 ක්ම රැස් කළ තර්ජිනී සිවලිංගම් මේ තරගාවලියේ එක් තරගකාරියක් ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාව වන 348 ක දිනාගත් ක්‍රීඩිකාවයි.
ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු පිල සිටින්නේ 18 වැනි ස්ථානයේය.
එතැනින් තවත් ඉහලට ඒමට නම්, “අනිවාර්යයෙන්ම අපට මුදල් අවශ්‍යයි,” යයි පුහුණුකාරිනී තිලකා ජිනදාස මාධ්‍යවේදී ප්‍රසාද් සේනාධීර සමග කියා සිටියාය.