සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමට මාධ්‍යවේදී ඉල්ලීම් | VIDEO

Report
3Shares

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා අනාගත ජනාධිපති අපේක්ෂකයාලෙස පත් කරගැනීමට මාධ්‍යවේදීන් පිරිසක් මහත් උනන්දුවෙන් වෙහෙසෙනු දැකගන්නට තිබේ.

අස්ගිරි පාර්ශවයට සම්බන්ධ විහාරස්ථාන සංවර්ධනය සම්බන්ධ ගැටළුසාකච්ඡා කර විසඳුම් ලබා දීමට මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහනා හිමිවරුන් මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සජිත් ප්‍රේමදාසට දිගටම කියාසිටියේ එජාප ජනාධිපති අපේක්ෂක වන ලෙස “ජනතා ඉල්ලීමක්” තිබෙන බවයි.

“සමස්ත ජනතාව ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වියයුතුයි,” යනුවෙන් මාධ්‍යවේදියකු එජාප නියෝජ්‍ය නායකයාට කියා සිටියේනියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද එම මතය දරන බව පවසමිනි.

කෙසේවෙතත්, ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීමතමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩලය ප්‍රමුඛ පක්ෂය විසින් තීරණය කරනුඇතැයි කී අමාත්‍යවරයා තමන් “ඉපදුනු දවසේ ඉඳන්” ජනාධිපති ධුරය සඳහා සූදානම් බව ප්‍රකාශකළේය.

සජිත් ප්‍රේමදාස සහ මාධ්‍යවේදීන් අතර සංවාදය පහතින්